Homeඅධ්‍යයනාංශ

ඉංග්‍රීසි අධ්‍යයන අංශය

ඉංග්‍රීසි අධ්‍යයන අංශය සැමවිටම ඉගැන්වීම, පර්යේෂණ හා පුළුල් සමාජීය අක්‍රමිකතා අතර පවත්නාසහසම්බන්ධතා වෙනුවෙන් කැපවූ ශක්තිමත් ඉගැන්වීම් හා පර්යේෂණ ක්‍රමවේදයකින් සුසැදි අධ්‍යයන අංශයකි. මෙම අධ්‍යයන අංශය ශ්‍රී ලංකාවේ පවතින සියලු ඉංග්‍රීසි අධ්‍යයන අතුරින් වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවකට හිමිකම් කියතැයි කැලණිය විශ්වවිද්‍යාලයට සාඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකිය.


ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශය

ප්‍රායෝගික කාර්ය සාධනය උදෙසා විශ්වවිද්‍යාලය තුළ දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම මඟින් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන පීඨවල විද්‍යාර්ථීන්ට සේවය ලබාදෙයි.


ලලිත කලා අධ්‍යයන අංශය

ලලිත කලා අධ්‍යයන අංශය 1978 වසරේ ස්ථාපිත කරන ලදි.. ඓතිහාසික හා සෛද්ධාන්තික පදනමකින් යුතුව ලලිත කලා විෂය ධාරාව වඩාත් පුළුල්ව හැදෑරීමට එමගින් අවකාශ උදා වූ අතර තෝරාගත් එක් විෂයක ප්‍රායෝගික කුසලතාවන් ඔප්නංවා ගැනීමට සිසුන් හට අවස්ථාව හිමි විය. 2005 වර්ෂයේදී ලලිත කලා අධ්‍යයන අංශය අධ්‍යයන ඒකක දෙකක් වශයෙන් වෙන් කෙරිණි. එනම් දෘශ්‍ය කලා හා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකය සහ නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය වශයෙනි.



හින්දී අධ්‍යයන අංශය

ශ්‍රී ලාංකිකයන්ට සම්මත හින්දී භාෂාව, සාහිත්‍ය හා උතුරු ඉන්දියානු සංස්කෘතිය පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීම සහ ශ්‍රී ලාංකිකයන් අතර මෙම ක්ෂේත්‍ර ආශ්‍රිතව පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම හින්දී භාෂා අධ්‍යයන අංශයේ අරමුණ වේ. භාරතයේ සිට පැමිණි හින්දී භාෂා විද්වතෙකු වන පූජ්‍ය මහාචාර්ය භදන්ත් ආනන්ද් කෝ'සලයායන් හිමියන් විසින් මෙම හින්දී භාෂා අධ්‍යයන අංශය ස්ථාපිත කරන ලදී.


වාග්විද්‍යා අංශය

1972 වසරේදී, මානව ශාස්ත්‍ර පීඨයේහි වාග්විද්‍යා අධ්‍යයන අංශය ස්ථාපිත කිරීමෙන් අනතුරුව වාග්විද්‍යාව යනු එක් ස්වාධීන අධ්‍යයන ක්ෂේත්‍රයක් වශයෙන් විශ්වවිද්‍යාලය මඟින් හඳුනා ගන්නා ලදී. පසුගිය වසර 30 ක කාලසීමාව තුළ, වාග්විද්‍යා ශාස්ත්‍රවේදී පාඨමාලාව, භාෂා පරිවර්තනය, දෙමළ මෙන්ම වාග්විද්‍යා ශාස්ත්‍රපති, දර්ශනපති හා දර්ශන විශාරද යන පශ්චාත් උපාධි පාඨමාලා ද ඇතුළත්ව, වාග්විද්‍යා අංශය එහි පාඨමාලා පුළුල් ලෙස පවත්වාගෙන යමින් පවතී.


නූතන භාෂා අධ්‍යයන අංශය

විදෙස් භාෂා හැදෑරීම සම්බන්යෙන් කැලණිය විශ්වවිද්‍යාලයට ලැබෙන්නේ විශේෂ ස්ථානයකි. නූතන භාෂා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලයේ පැරණිම අධ්‍යයන අංශයක් වන අතර විදෙස් භාෂා හතකින් පාඨමාලා ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ එකම අධ්‍යයන අංශය ද වේ. ප්‍රංශ, ජර්මන්, රුසියන්, චීන සහ කොරියන් යන භාෂාවලින් උපාධි, පශ්චාත් උපාධි මෙන්ම අවුරුදු දෙකක සහතික පත්‍ර පාඨමාලා ද හැදෑරිය හැක.


පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය

මෙය පාලි හා බෞද්ධ අධ්‍යයනය සම්බන්ධයෙන් ඉතා සූක්ෂ්ම හා විධිමත් අයුරින් අධ්‍යයනය සඳහා යොමු වූ අධ්‍යයන අංශයකි. මෙම අධ්‍යයන අංශයේ පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය යනුවෙන් ප්‍රධාන විෂයධාරාවන් තුනකි. මීට අමතරව විදේශීය ශිෂ්‍යයන් සඳහා පාලි හා බෞද්ධ අධ්‍යයනය සම්බන්ධයෙන් ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි මෙන්ම ඩිප්ලෝමා පාඨමාලා ද මෙම අංශයෙන් ප්‍රදානය කෙරේ.


සංස්කෘත අධ්‍යයන අංශය

සිංහල මාධ්‍යයෙන් සංස්කෘත අධ්‍යයනය සිදුකෙරෙන ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලයීය අධ්‍යයන අංශයයි. මෙමඟින් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති හා දර්ශන විශාරද යන පාඨමාලා හැදෑරීමේ පහසුකම් සිසුන් හට සලසා දෙයි. විදේශීය සිසුන් සඳහා වූ ඩිප්ලෝමා සහ සහතික පත්‍ර පාඨමාලාවක් ද සංස්කෘත අධ්‍යයන අංශය මගින් පවත්වාගෙන යනු ලබයි.


සිංහල අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අධ්‍යයන අංශය විශ්වවිද්‍යාලයේ ආරම්භයේ පටන් ම පැවති කීර්තිමත් අධ්‍යයනාංශයකි. සිංහල අධ්‍යයන අංශයෙන් සිංහල සහ සාහිත්‍ය විචාරය ශාස්ත්‍රවේදී සාමාන්‍ය හා ශාස්ත්‍රවේදී විශේෂ උපාධි පාඨමාලා හැදෑරීමේ අවකාශ සලසා ඇත. මීට අමතරව විදේශීය සිසුන් සඳහා සිංහල සහතික පත්‍ර පාඨමාලාවක් ද දෑ අවුරුදු ශාස්ත්‍රපති උපාධි, දර්ශනපති, දර්ශන විශාරද උපාධිවලට අදාළ පාඨමාලා සඳහා ද පහසුකම් සැපයේ.


බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හා ක්‍රිස්තියානි සංස්කෘතිය අධ්‍යයන අංශය

බටහිර සම්භාව්‍ය සංස්කෘතිය අංශය මඟින් ග්‍රීසියේ හා රෝමයේ පැරණි ශිෂ්ටාචාරය, ඉතිහාසය, පුරාවස්තු, කලා, දර්ශනය, නාට්‍ය හා රංග කලාව, සාහිත්‍ය හා සාහිත්‍ය විචාරය ද ග්‍රීක හා ලතින් යන භාෂා ද උගන්වනු ලැබේ. ක්‍රිස්තියානි සංස්කෘතිය අංශය මඟින් කුමන ආගමික සම්ප්‍රදායකට අයත් විද්‍යාර්ථියෙකුට වුවද ක්‍රිස්තියානිය, ක්‍රිස්තියානිය හා සබැඳි සංස්කෘතිය හැදෑරීම කෙරෙහි පූර්ණ ඉඩ ප්‍රස්තා සැලසේ.


 

ඉංග්‍රීසි අධ්‍යයන අංශය