Image

බෞද්ධ ‌මනෝවිද්‍යාව හා උපදේශනය
ඩිප්ලෝමා පාඨමාලාව

2021 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම

මෙම පාඨමාලාව බෞද්ධ මනෝවිද්යාව, බෞද්ධ මනෝ උපදේශනය හා බෞද්ධ මනෝචිකිත්සාව පිළිබඳ පූර්ණ අවබෝධයක් හා පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙරට ප්රමුඛ පෙළේ ජාතික විශ්වවිද්යාලයක් වන කැලණිය විශ්වවිද්යාලයීය පාලි හා බෞද්ධ අධ්යයනාංශය මගින් මෙහෙයවනු ලබන සුවිශේෂී ඩිප්ලෝමා පාඨමාලාවකි.
❒ පාඨමාලාවේ පසුබිම

මෙම පාඨමාලාව බෞද්ධ මනෝවිද්යාව, බෞද්ධ මනෝ උපදේශනය හා බෞද්ධ මනෝචිකිත්සාව පිළිබඳ පූර්ණ අවබෝධයක් හා පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙරට ප්රමුඛ පෙළේ ජාතික විශ්වවිද්යාලයක් වන කැලණිය විශ්වවිද්යාලයීය පාලි හා බෞද්ධ අධ්යයනාංශය මගින් මෙහෙයවනු ලබන සුවිශේෂී ඩිප්ලෝමා පාඨමාලාවකි.

වර්තමානය වන විට බෞද්ධ මනෝවිද්යාව හා බෞද්ධ මනෝ උපදේශනය පිළිබඳ අධ්යයනය සඳහා පෙර-අපර දෙදිගම විද්වතුන් තුළ දැඩි උද්යෝගයක් දැකගත හැකිය. එසේ ම ඒ පිළිබඳ විශිෂ්ට මට්ටමේ පර්යේෂණයන් ද ක්රියාත්මක වනු දැකිය හැකිය. එවන් පසුබිමක ශ්රී ලංකාවේ ජාතික විශ්වවිද්යාලයක් වශයෙන් කැලණිය විශ්වවිද්යාලය අභ්යන්තර සිසුන් වෙනුවෙන් 2017 වසරේ සිට උපාධි පාඨමාලා සඳහා බෞද්ධ මනෝවිද්යාව විෂය හඳුන්වා දෙන ලද අතර, විශ්වවිද්යාල වරම් නොලැබූ එහෙත් ඒ පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති මනෝ උපදේශකවරුන්, විද්යාර්ථීන්, වෘත්තිකයින්, පාසල් ගුරුවරුන්, හෙද-හෙදියන්, පොලිස් නිලධාරීන් හා කළමනාකරුවන් මෙන් ම බුදුසමය පිළිබඳ ශාස්ත්රීය අධ්යයනයට කැමති ඕනෑම අයෙකුට ගැළපෙන පරිදි සැකසූ සති අන්ත පාඨමාලාවක් වශයෙන් බෞද්ධ මනෝවිද්යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හඳුන්වා දී ඇත. මේ වන විට එහි පළමු, දෙවන හා තෙවන කණ්ඩායම් ඉතා සාර්ථකව සිය පාඨමාලා අවසන් කොට ඇති අතර, 2021 අගෝස්තු මාසයේ සිට එහි සිව්වන කණ්ඩායමේ අධ්යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

❒ පාඨමාලා කාලය.
පාඨමාලා කාලය වර්ෂ එකකි.

❒ මාධ්යය 


සිංහල

❒ පාඨමාලා ගාස්තු

මෙම පාඨමාලාවේ සම්පූර්ණ ගාස්තුව රු. 45000/- කි. (රුපියල් හතළිස් පන් දහසකි ). පාඨමාලා ගාස්තුව වාරික තුනකින් ගෙවිය හැකිය. (පළමු වාරිකය රු.20000, දෙවන වාරිකය රු.15000, සහ තුන්වන වාරිකය රු.10000 වශයෙනි.)

❒ අයදුම් කිරීම සඳහා අවම සුදුසුකම්

මෙම පාඨමාලාව හැදෑරීම සඳහා අවම වශයෙන් අ.පො.ස (උ/පෙළ) විෂයයන් 3 කින් සමත් වීම හෝ ප්රාචීන ප්රාරම්භ විභාගය සමත් වීම හෝ ධර්මාචාර්ය විභාග පරීක්ෂණය සමත් වී තිබීම සහ කැලණිය විශ්වවිද්යාලයීය සනාතන සභාව විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකම් අදාළ වේ.

❒ අයදුම්පත් හා අයදුම් කරන ආකාරය

https://hu.kln.ac.lk/depts/pali/index.php යන වෙබ් අඩවියෙන් හා 0756563501 දරන WhatsApp අංකයෙන් මෙම පාඨමාලාවට අදාළ අයදුම් පත්රය ලබා ගත හැකිය. අයදුම්පත් යොමු කිරීමේදී "බෞද්ධ මනෝවිද්යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - 2021 අයදුම්පත්ර ගාස්තුවˮ යනුවෙන් සඳහන් කොට කැලණිය විශ්වවිද්යාලයේ 055-1001-8-0669229 අංක දරන ගිණුමට බැර වන පරිදි මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකට රු.750/-ක් ගෙවා ලබාගත් රිසිට්පත ද සමගින් සම්පූර්ණ කරන ලද අයදුම්පත සම්බන්ධීකාරක, බෞද්ධ මනෝවිද්යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, පාලි හා බෞද්ධ අධ්යයනාංශය, කැලණිය විශ්වවිද්යාලය, කැලණිය යන ලිපිනයට තැපැල් මගින් අයදුම්පත් යොමු කළ හැකිය. (තැපැල් මගින් අයදුම්පත් යොමු කිරීමේ දී ඉල්ලුම් කරන කවරයේ වම් කෙළවරේ "බෞද්ධ මනෝවිද්යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවˮ - 2021) යනුවෙන් සඳහන් කළයුතුය. Whatsapp මගින් අයදුම්පත් යොමු කරන්නේ නම් 0756563501 දරන WhatsApp ගිණුමට එවිය යුතුය.
 
 

Contact

0112 903731

or

071-8134557 / 075-6563501

Department of Pali and Buddhist

University of Kelaniya

Today113
Yesterday250
This week709
This month494
Total14500

©2021 All Rights Reserved. Designed By the Department of Pali and Buddhist Studies