>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

වාර්ෂික අධ්‍යයන චාරිකාව | 2024

Organized by the Department of Pali and Buddhist Studies
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ පාලි, බෞද්ධ දර්ශනය හා බෞද්ධ මනෝවිද්‍යාව විශේෂවේදී විද්‍යාර්ථින්ගේ වාර්ෂික අධ්‍යයන චාරිකාව

කැලණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ පාලි, බෞද්ධ දර්ශනය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන්හි ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හදාරනු ලබන විද්‍යාර්ථින්ගේ වාර්ෂික අධ්‍යයන චාරිකාව අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ  අනුශාසනා පරිදි ආචාර්ය අමිල කලුආරච්චි මහතාගේ සම්බන්ධීකරණය යටතේ 2024 ඔක්තෝබර්  මස 24 සහ 25 යන දෙදින තුළ සබරගමු මහසමන් දේවාලය ඇතුළුව සබරගමුව පළාත අරමුණු කොට ගෙන ක්‍රියාත්මක විය. මෙම අධ්‍යයන චාරිකාවේ  පළමු දිනයේ දී රත්නපුර මහසමන් දේවාලයේ එෛතිහාසිකත්වය ගවේෂණය කළ අතර පසුව රත්නපුර දිස්ත්‍රික්කයට ම ආවේනික වූ වැදගත්කම් සහිත සංස්කෘතිකාංග ද අන්තර්ගත රත්නපුර පුරාවිද්‍යා කෞතුකාගාරය නිරීක්ෂණය කරන ලදී. ඊට අමතරව තවත් ස්ථාන රැසක් විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනයට යොමු විය. එමෙන් ම පළමු දිනයේදී නවාතැන් ගැනීම සිදුවුයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හල්දුම්මුල්ල රාජ්‍ය සේවා සංචාරක නිවාඩු නිකේතනයෙහිය. එදින රාත්‍රියේ විද්‍යාර්ථින්ගේ මානසික සැහැල්ලුවට අදාළ සංගීත ප්‍රතිකාරාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක විය. දෙවන දින උදෑසන එම ගොඩනැගිල්ල පිහිටි භූමියේ ඖෂධ උයන ගවේෂණය කළ අතර එදින හපුතලේ නගරයට නුදුරින් තංගමලේ වන රක්ෂිතය තුළ පිහිටි  බ්‍රිතාන්‍ය පාලන සමයේ ගොඩනගන ලද එඩිසන් බංගලාව නිරීක්ෂණය කළහ. අනතුරුව වැලිමඩ නගරයේ පිහිටි බෝමුරු ඇල්ල නිරීක්ෂණය කරමින් විද්‍යාර්ථයින්ගේ මානසික සුවතාව උදෙසා එහි පාරිසරික වටිනාකම උපයෝගී කර ගන්නා ආකාරය අධ්‍යයනය කිරීමට අවස්ථාව සැලසීය.

බෞද්ධ දර්ශනය, බෞද්ධ මනෝවිද්‍යාව, පාලි යන විෂයන්හි ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හදාරනු ලබන තෙවන සහ සිව්වන වසර වල විද්‍යාර්ථීන්ගේ මෙම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව  සඳහා ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් කථිකාචාර්ය පූජ්‍ය මුවපැටිගේවෙල පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ, කථිකාචාර්ය පූජ්‍ය වලස්මුල්ලේ භද්දිය ස්වාමීන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමිල කලුආරච්චි මහතා, සහාය කථිකාචාර්ය එන්. ඩී. ඩී. එස්. කරුණාරත්න මහතා සහ සහාය කථිකාචාර්ය හර්ෂනි සෙව්වන්දි මෙනවිය  යන පිරිස සහභාගී වූහ.

Today16
Total147823

1
Online

Thursday, 26 December 2024
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies