>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

Gold Medals, Scholarships and Prizes of Department of Pali and Buddhist Studies
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ස්වර්ණමුද්‍රිකා, ශිෂ්‍යත්‍ව සහ ත්‍යාග

පී.ඒ.පී.ඒ. චන්‍ද්‍රසේකර ශිෂ්‍යත්ව අරමුදල

පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන් සිංහල හෝ ඉංග්‍රීසි හෝ මාධ්‍යයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සඳහා හදාරා ප්‍රථම වර්ෂාවසාන පරීක්‍ෂණයෙන් විෂය ශ්‍රේණිගත අගය (GPA) අවම වශයෙන් 3.7 ක් ලබාගන්නා විද්‍යාර්ථීන් සිවුදෙනෙකු විෂය හතරෙන් තෝරා එක් විද්‍යාර්ථීයෙකු සඳහා රුපියල් විසිපන්දහසක (රු.25,000/=) මූල්‍යමය වටිනාකමකින් යුත් පී.ඒ.පී.ඒ. චන්‍ද්‍රසේකර ශිෂ්‍යත්‍වය ප්‍රදානය කෙරේ.

පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන්  ශාස්ත්‍රවේදී උපාධිය සඳහා හදාරා විෂය ශ්‍රේණිගත අගය (GPA) අවම වශයෙන් 3.7 ක් ලබාගන්නා විද්‍යාර්ථීන් සිවුදෙනෙකු විෂය හතරෙන් තෝරා එක් විද්‍යාර්ථීයෙකු සඳහා රුපියල් විසිපන්දහසක (රු. 25,000/=) මූල්‍යමය වටිනාකමකින් යුත් පී.ඒ.පී.ඒ. චන්‍ද්‍රසේකර ශිෂ්‍යත්‍වය ප්‍රදානය කෙරේ.

පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන්  ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සඳහා හදාරා ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) සහිතව ප්‍රථම පන්ති සාමර්ථ්‍යයන් ලබා ගන්නා විද්‍යාර්ථීන් සිවුදෙනෙකු විෂය හතරෙන් තෝරා එක් විද්‍යාර්ථීයෙකු සඳහා රුපියල් විසිපන්දහසක (රු.25,000/=) මූල්‍යමය වටිනාකමකින් යුත් පී.ඒ.පී.ඒ. චන්‍ද්‍රසේකර ශිෂ්‍යත්‍වය සහ පී.ඒ.පී.ඒ. චන්‍ද්‍රසේකර ස්වර්ණමුද්‍රිකාව ප්‍රදානය කෙරේ.

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයට අයත් විෂයයන්ගෙන් අවම වශයෙන් එක් විෂයක් හෝ ශාස්ත්‍රවේදී උපාධි ප්‍රථම වර්ෂාවසාන පරීක්‍ෂණය සඳහා හදාරා ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) සහිතව සමත් වන විශේෂ අවශ්‍යතා සහිත විද්‍යාර්ථීන් දෙදෙනෙකු තෝරා එක් විද්‍යාර්ථීයෙකු සඳහා රුපියල් විසිපන්දහසක (රු.25,000/=) මූල්‍යමය වටිනාකමකින් යුත් පී.ඒ.පී.ඒ. චන්‍ද්‍රසේකර ශිෂ්‍යත්‍වය ප්‍රදානය කෙරේ.

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ පශ්චාද් උපාධි පර්යේෂණ කටයුතුවල නිරතවන ආධුනික (Probationary) කථිකාචාර්‍ය්‍යවරයෙකුට හෝ සේවය තහවුරු නොකළ (Unconfirmed) කථිකාචාර්‍ය්‍යවරයෙකුට හෝ  රුපියල් ලක්ෂයක (රු. 100,000/=) මූල්‍යමය වටිනාකමකින් යුත් පී.ඒ.පී.ඒ. චන්‍ද්‍රසේකර ශිෂ්‍යත්‍වය වසරකට එක් වරක් පමණක් ප්‍රදානය කෙරේ. එක් වසරක දී එවැනි සුදුසුකම් සහිත ආධුනික හෝ සේවය තහවුරු නොකළ කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු සිටින අවස්ථාවකදී ආධුනික (Probationary) කථිකාචාර්යවරයා සඳහා ප්‍රමුඛතාවය හිමිවේ. ආධුනික කථිකාචාර්යවරයෙකු නොසිටි අවස්ථාක දී සේවය තහවුරු නොකළ කථිකාචාර්යවරයෙකුට අවස්ථාව හිමිවේ. එක් වසරක දී එවැනි ආධුනික හෝ සේවය තහවුරු නොකළ කථිකාචාර්‍ය්‍යවරුන් කිහිපදෙනෙකු සිටී නම් ශිෂ්‍යත්ව මුදල සමසේ බෙදා දෙනු ලැබේ. එහිදී ද ආධුනික කථිකාචාර්යවරුන්ට ප්‍රමුඛතාවය හිමිවේ. ආධුනික හෝ සේවය තහවුරු නොකළ කථිකාචාර්යවරයෙකුට මෙම ශිෂ්‍යත්වය සඳහා ඉල්ලුම් කළ හැක්කේ එක්වරක් පමණකි.

පී.පී. ජයවර්ධන ශිෂ්‍යත්ව අරමුදල

කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ප්‍රථම වර්ෂාවසාන පරීක්‍ෂණයෙන්  වැඩිම ලකුණු ලබාගැනීම සහ දේශන සඳහා පැමිණීමේ ප්‍රතිශතය 80% සම්පූර්ණ කොට ඇති පශ්චාද් උපාධි අපේක්‍ෂකයෙකු තෝරා රුපියල් දසදහසක (රු. 10,000/=)  වටිනාකමින් යුත් පී. පී. ජයවර්ධන ශිෂ්‍යත්වය ප්‍රදානය කෙරේ.

ලිනි දිසානායක ත්‍යාගය

ලිනි දිසානායක ත්‍යාගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කරන ලද නිර්දේශය මත පිරිනැමේ. ඒ අනුව බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන් හදාරා ප්‍රථම වර්ෂාවසානයේ දී ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) ලබාගන්නා විද්‍යාර්ථී ශිෂ්‍යාවන් තිදෙනෙකු තෝරා ඔවුන් වෙත මෙම ත්‍යාගය පිරිනැමීමට නිර්දේශ කෙරේ. මෙම ත්‍යාගය පිළිබඳ මූල්‍යමය වටිනාකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තීරණය කෙරේ.

පූජ්‍ය සික් වින් සින් ස්වාමීන්‍ද්‍ර ත්‍යාගය

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බෞද්ධ සංස්කෘතිය විෂය ශාස්ත්‍රවේදී ප්‍රථම වසර විෂයක් සඳහා තෝරාගෙන එහි වර්ෂාවසාන පරීක්‍ෂණයෙන් ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) ලබා එම විෂය ම ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව සඳහා තෝරාගන්නා විද්‍යාර්ථියෙකුහට රුපියල් විසිදහසක (රු. 20,000/=) මූල්‍යමය වටිනාකමින් යුත් පූජ්‍ය සික් වින් සින් ස්වාමීන්‍ද්‍ර ත්‍යාගය ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පළමු අධ්‍යයන වර්ෂය ආරම්භයේදී ප්‍රදානය කෙරේ.

පූජ්‍ය පණ්ඩිත මූදුකටුවේ ශ්‍රී ඤාණාරාම නායක ස්වාමීන්‍ද්‍ර ත්‍යාගය

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බෞද්ධ දර්ශනය ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සඳහා හදාරා පළමු පෙළ (First Class) හෝ දෙවන පෙළ (ඉහළ) (Second Class Upper Division) සාමර්ථ්‍යයක් ලබන විද්‍යාර්ථියෙකුට රුපියල් විසිදහසක (රු. 20,000) වටිනාකමින් යුත් පූජ්‍ය පණ්ඩිත මූදුකටුවේ ශ්‍රී ඤාණාරාම නායක ස්වාමීන්‍ද්‍ර ත්‍යාගය ප්‍රදානය කෙරේ.

මහාචාර්‍ය්‍ය, පූජ්‍ය කාක්කපල්ලියේ අනුරුද්ධ නායක ස්වාමීන්‍ද්‍ර ත්‍යාගය

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ පාලි විෂය ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සඳහා හදාරා පළමු පෙළ (First Class) හෝ දෙවන පෙළ (ඉහළ) (Second Class Upper Division)  සාමර්ථ්‍යයක් ලබන විද්‍යාර්ථියෙකුට රුපියල් විසිපන්දහසක (රු. 25,000) වටිනාකමින් යුත් මහාචාර්‍ය්‍ය, පූජ්‍ය කාක්කපල්ලියේ අනුරුද්ධ නායක ස්වාමීන්‍ද්‍ර ත්‍යාගය ප්‍රදානය කෙරේ.

හැවැන්පොළ ශ්‍රී රතනසාර නාහිමි සහ වැල්ලවත්තේ ආනන්‍ද නාහිමි ශිෂ්‍යත්ව අරමුදල

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ පාලි හා බෞද්ධ දර්ශනය යන විෂයයන් දෙකට ම ගෞරව ශාස්ත්‍රවේදී ප්‍රථම වර්ෂාවසාන පරීක්‍ෂණයෙදී විෂය ශ්‍රේණිගත අගය (GPA) අවම වශයෙන් 3.7 ක් ලබා එම විෂයයන් අතරින් එකක්  ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව සඳහා තෝරාගන්නා විද්‍යාර්ථියෙකුට රුපියල් විසිදහසක (රු. 20000/=)  වටිනාකමින් යුත් හැවැන්පොළ ශ්‍රී රතනසාර නාහිමි සහ වැල්ලවත්තේ ආනන්‍ද නාහිමි ශිෂ්‍යත්වය ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පළමු අධ්‍යයන වර්ෂය ආරම්භයේදී ප්‍රදානය කෙරේ.

මහාචාර්‍ය්‍ය, ඩබ්ලිව්. එස්. කරුණාරත්න ශිෂ්‍යත්ව අරමුදල

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බෞද්ධ දර්ශනය විෂය ශාස්ත්‍රවේදී උපාධිය සඳහා හදාරා තෙවන වසර පරීක්‍ෂණයේ දී ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) ලබාගන්නා විද්‍යාර්ථියෙකු සඳහා මෙම ශිෂ්‍යත්වය පිරිනැමේ. මෙම ශිෂ්‍යත්ව අරමුදල මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ පවතින අතර, ඒ ඒ වර්ෂයන්හි දී ශිෂ්‍යත්ව අරමුදලේ වාර්ෂික පොලී ශේෂය අනුව ශිෂ්‍යත්වය සඳහා පිරිනමන මුදල තීරණය කෙරේ. ශිෂ්‍යත්වය පිරිනැමීම සඳහා අදාළ විද්‍යාර්ථියා තෝරා මහාභාරකාර දෙපාර්තමේන්තුවට යොමු කිරීම විශ්වවිද්‍යාලය මඟින් සිදු කළ යුතු ය.

අග්ගමහාපණ්ඩිත, ආචාර්ය, අතිපූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමීන්ද්‍ර ශිෂ්‍යත්ව අරමුදල

පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සඳහා හදාරා අවසන් වසර සම්පාදනය කළයුතු ස්වාධීන පර්යේෂණ නිබන්ධනය සඳහා ඉහළම ලකුණු ලබාගන්නා විද්‍යාර්ථියාට පිරිනැමේ.

නන්දෙ අමරෙ පාලි පිදුම ශිෂ්‍යත්වය

ගෞරව ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ පළමු වසරේ දෙවන සමාසිකයට අයත් වෛකල්පිත විෂයක් වන විෂය ඒකකය හදාරන තෝරාගත් ශිෂ්‍යාවන් තිදෙනෙකුට පිරිනැමේ.
Today6
Total148360

1
Online

Tuesday, 21 January 2025
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies