>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා - 2024

February 21, 2024.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙහි නව බුද්ධ ප්‍රතිමාවහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2026/03/11 දින පැවැත්විණි.

මෙම අවස්ථාවට කැලණිය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත, සම්මානිත මහාචාර්ය, අතිපූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ මානවශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය සුදත් සෙනරත් මහතා ඇතුළු පිරිසක් සම්භාවනීය ආරාධිතයෝ වූහ.

මෙම අවස්ථාව පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යේෂ්ඨ මහාචාර්ය, පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන්ගේ මගපෙන්වීම් අනුව සූදානම් කරන ලද අතර, නව බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම සහ ආගමික වතාවත් සිදු කිරීම අතිපූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත කුලපති නාහිමිපාණන් වහන්සේ සිදු කරන ලදහ.

මෙම පුණ්‍යමය කටයුත්ත පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය ඇතුළු අධ්‍යයන අංශයන්හි අධ්‍යයන කාර්යමණ්ඩලයේ භවතුන්ගේ සහ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සහ පීඨයේ අනධ්‍යන කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
Image
Image
Image
Image
Image
Image
Image
Today4
Yesterday21
This week859
This month1532
Total260580

1
Online

Saturday, 09 May 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies