>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

ක්ෂේත්‍ර අධ්‍යයනය හා බෞද්ධ උපදේශන කුසලතා සංවර්ධන වැඩමුළුව

Department of Pali and Buddhist Studies
ක්ෂේත්‍ර අධ්‍යයනය හා බෞද්ධ උපදේශන කුසලතා සංවර්ධන වැඩමුළුවක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී...

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මගින් මෙහෙයවනු ලබන බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව බෞද්ධ මනෝවිද්‍යාත්මක දැනුම් පද්ධතිය ගවේෂණය කරනු ලබන පර්යේෂකයන්ගේ, වෘත්තීය සුදුසුකමක් වශයෙන් උපදේශනය තෝරාගැනීමට රුචිකත්වයක් දක්වන විද්වතුන්ගේත්, බොහෝ වෘත්තිකයින්ගේ මෙන් ම බුදුදහම පිළිබඳවත්, එයින් මතුකරගතහැකි මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් පිළිබදවත් ඉගෙනීමට උනන්දුවක් දක්වන බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් පාඨමාලාවකි.

ඒ අනුව, මෙම ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ ක්ෂේත්‍ර අධ්‍යයනය හා උපදේශන කුසලතා සංවර්ධන වැඩමුළුවක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී 2024.08.03 දින ඉතා සාර්ථකව නිමාවිය.

මෙම කටයුතු සදහා පූර්ණ මගපෙන්වීම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශ ප්‍රධාන, පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේගේ උපදෙස් අනුව පාඨමාලා සම්බන්ධීකාරක, කථිකාචාර්ය පූජ්‍ය සූරියවැව විජයවිමල ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් සාර්ථක ව සිදුවිය. තව ද, මෙම අවස්ථාව සදහා බාහිර කථිකාචාර්ය නලින් අමරසිංහ මහතා, පාඨමාලා සහායිකා තරිනි සුදුසිංහ මෙනවිය, කාර්යාල සහායක චන්ද්‍රසිරි මහතා ඇතුළු ගිහි-පැවිදි විද්‍යාර්ථින් සහභාගීවිය. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේදි ලබාගන්නා ලද ඡායාරූප කිහිපයකි.
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Today4
Yesterday21
This week859
This month1532
Total260580

1
Online

Saturday, 09 May 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies