>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

වාර්ෂික අධ්‍යයන චාරිකාව | 2024

Organized by the Department of Pali and Buddhist Studies
කැලණිය විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයන අංශයේ බෞද්ධ සංස්කෘතිය විශේෂවේදී විද්යාර්ථින්ගේ වාර්ෂික අධ්යයන චාරිකාව

කැලණිය විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයන අංශයේ බෞද්ධ සංස්කෘතිය විශේෂවේදී විද්යාර්ථින්ගේ වාර්ෂික අධ්යයන චාරිකාව අංශ ප්රධාන ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය මකුරුප්පේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 2024 ඔක්තෝබර් මස 24 සහ 25 දෙදින තුළ අනුරාධපුර පුරාවිද්යා කලාපය කේන්ද්රකර ගනිමින් පැවැත්විණි. මෙම අධ්යයන චාරිකාවේ පළමු දිනයේ දී අභයගිරිය හා මහාවිහාර සංකීර්ණය ආශ්රයෙන් බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය හා කලාව පිළිබදව ගවේෂණය හා නිරීක්ෂණය කිරීම සිදුකළේය. දෙවැනි දිනයේ දී ජේතවනාරාම විහාර සංකීර්ණය හා ඊට අනුබද්ධ පුරාවිද්යා ස්ථාන පිළිබදව ගවේෂණය හා නිරීක්ෂණය සිදුවිය.

මෙම අධ්යයන චාරිකාවේ දී විද්යාර්ථින්ට අවශ්ය මගපෙන්වීම අභයගිරිය ව්යාපෘතියේ ප්රධාන කළමනාකරු වශයෙන් සේවය කළ වර්තමානයේ යාපනය පුරාවිද්යා කලාපය භාරව කටයුතු කරන පුරාවිද්යා නිලධාරී එස්.ඒ.එන්.යූ. ජයරත්න මහතා විසින් ලබාදෙන ලදී.

පාලි හා බෞද්ධ අධ්යයන අංශයේ බෞද්ධ සංස්කෘතිය විශේෂවේදී පළමු, දෙවන සහ තෙවන වසර විද්යාර්ථීන්ගේ මෙම ක්ෂේත්ර අධ්යයන චාරිකාව සඳහා ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්ය වැලිමඩගම කුසලධම්ම හිමි, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ගාමිණී විජේසිංහ මහතා, කථිකාචාර්ය ශ්රියානි හේමලතා මහත්මිය සහ සහය කථිකාචාර්යවරුන් වන හෑදෙනියේ සුමේධ හිමි, ඩිලානි සාගරික මෙනවිය සහභාගී විය.
Today37
Yesterday245
This week933
This month4074
Total255843

5
Online

Friday, 17 April 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies