>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

Inaugural Ceremony of the Diploma Course in Buddhist Psychology and Counseling - 2025

Department of Pali & Buddhist Studies
බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සාර්ථක 07 වන කණ්ඩායම සඳහා සමාරම්භක උළෙල මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය සුදත් සෙනරත් මැතිතුමන්ගේ ප්‍රධානත්‍වයෙන් මානවශාස්ත්‍ර පීඨ කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති නාහිමි අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් 2025-01-12 දින උදෑසන 10.00 සිට පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ වැඩබලන අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නාඔටුන්නේ විමලඤාණ නාහිමිපාණන් වහන්සේ ද, එම අධ්‍යයන අංශයේ විනේතෘ මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත ගරුසිංහ මහතා, සංස්කෘත හා පෙරදිග අධ්‍යයන අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. බී. ජයවර්ධන මහතා ඇතුළු විද්වතුන්ගේ හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද ඩිප්ලෝමා පාඨමාලාවට සඳහා සුදුසුකම් ලද සියයකට අධික විද්‍යාර්ථීන්ගේ ද සහභාගීත්‍වයෙන් අති සාර්ථක ලෙස සිදුවිය.

එදින මුඛ්‍ය දේශනය සිදුකරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජකීය පණ්ඩිත මැදගගොඩ අභයතිස්ස නාහිමිපාණන් වහන්සේ විසිනි. (එම දේශනය නැරඹීම සඳහා ඔබට අධ්‍යයනාංශ වෙබ් අඩවිය ඔස්සේ ඉදිරියේදී අවකාස හිමිවේ.) එම අවස්ථාවට සම්බන්ධ ඡායාරූප පහත දැක්වේ.
Today4
Yesterday21
This week859
This month1532
Total260580

1
Online

Saturday, 09 May 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies