>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ විශේෂ වැඩමුළුවක්

Department of Pali & Buddhist Studies
බෞද්ධ මනෝවිද්යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 07 වන කණ්ඩායමේ විද්යාර්ථීන්ගේ පර්යේෂණ කුසලතාව වර්ධනය කිරීමේ අරමුණින් කැලණිය විශ්වවිද්යාලයේ මානවශාස්ත්රපීඨයේ කොටහේනේ ශ්රී ප්රඥාකීර්ති අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී 2025/06/01 දින පැවැති වැඩමුළුව සාර්ථකව නිමවිය.මෙහිදී සම්පත් දායකත්වය ලබාදෙමින් වැඩමුළුව සිදුකරන ලද්දේ ආරාධිත කථිකාචාර්ය ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සේවයේ නියුතු දිලිණි මදුෂානි මහත්මිය විසිනි.

කැලණිය විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයන අංශයේ අංශාධිපති, ජ්යේෂ්ඨ මහාචාර්ය පූජ්ය මකුරුප්පේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීම් අනුව පාඨමාලා සම්බන්ධීකාරක ජ්යේෂ්ඨ කථිකාචාර්ය පූජ්ය සූරියවැව විජයවිමල ස්වාමීන්වහන්සේගේ හා පාඨමාලා සහායක ශාලිකා මෙනවිය, වෙබ් අඩවි සහායක සීවලි ස්වාමීන්වහන්සේ, කාර්යාල සහායක චන්ද්රසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.
Today17
Yesterday22
This week127
This month2001
Total261049

1
Online

Saturday, 30 May 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies