>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂ වැඩමුළුවක්

Department of Pali & Buddhist Studies
බෞද්ධ මනෝවිද්යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 07 වන කණ්ඩායමේ විද්යාර්ථීන්ගේ පර්යේෂණ හා උපදේශන කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්ය විද්යායතනයේ විශේෂ වැඩමුළුවක් 2025/06/22 දින සාර්ථකව පැවැත්වීණි. මෙහිදී සම්පත් දායකත්වය ලබාදෙමින් වැඩමුළුව සිදුකරන ලද්දේ ආරාධිත කථිකාචාර්ය මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්ය විද්යායතනයේ මානසික සෞඛ්ය පුහුණු හා පර්යේෂණ ඒකකයේ ප්රධානි පියුමි ඒකනායක මහත්මිය සහ ප්රජා මානසික හෙද නිලධාරිනි චාමිනි මිගුන්තැන්න විසිනි.

මෙම වැඩමුළුව සංවිධානය කරනලද්දේ කැලණිය විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයන අංශයේ අංශාධිපති, ජ්යේෂ්ඨ මහාචාර්ය පූජ්ය මකුරුප්පේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම් අනුව පාඨමාලා සම්බන්ධීකාරක ජ්යේෂ්ඨ කථිකාචාර්ය පූජ්ය සූරියවැව විජයවිමල ස්වාමීන් වහන්සේ විසිනි. තවද, පාලි හා බෞද්ධ අධ්යයන අංශයේ සහකාර කථිකාචාර්ය හෑදෙනියේ සුමේධ හිමියන්, වෙබ් අඩවි සහායක පලුකන්දෑවේ සීවලි හිමියන්, පාඨමාලා සහායිකා ශාලිකා චන්ද්රසේන මෙනවිය සහ කාර්යාල සහායක චන්ද්රසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහයෝගිත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.
Today8
Yesterday21
This week8
This month462
Total261537

1
Online

Monday, 22 June 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies