>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

Previous Next

බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය ප්‍රායෝගික පුහුණුව පිළිබඳ විශේෂ වැඩමුළුව

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය විෂය හදාරණ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව පිළිබඳ  අවබෝධය දියුණු කිරීම සඳහා අධ්‍යයනාංශය මගින් අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන්ගේ උපදෙස් මත විශේෂ වැඩමුළුවක් සංවිධානය කොට ඇත. 2021 - 10 - 02 දින ප.ව 7.00 - 9.00 දක්වා පැවැත්වෙන මෙම වැඩමුළුව සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා විසින් පුරා සති හතක් අඛණ්ඩව නියමිත වේලාවට  ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

 

2019/2020 අධ්‍යයන වර්ෂයේ ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රවේදී ග‌ෞරව පාඨමාලාවල සිසුන් සඳහා නියමිත පළමු සමාසිකයේ අඛණ්ඩ ඇගයීම් වලට ද මෙය වලංගු වේ. එයට ලකුණු ප්‍රමාණයක් ද හිමි වේ. මීට අමතරව බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ සහ බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ට ද සහභාගී වීමට අවස්ථාව ලැබේ. 

විශේෂ සහභාගිත්ව සහා අවස්ථාව පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය අමිල කලුආරච්චි මහතා මගින් ලබාගත හැකිය.

විමසීම් - 071 8134557

 

  

Today25
Yesterday315
This week1253
This month2222
Total229952

2
Online

Friday, 09 January 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies