පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය විෂය හදාරණ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව පිළිබඳ අවබෝධය දියුණු කිරීම සඳහා අධ්‍යයනාංශය මගින් අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන්ගේ උපදෙස් මත විශේෂ වැඩමුළුවක් සංවිධානය කොට ඇත. 2021 - 10 - 02 දින ප.ව 7.00 - 9.00 දක්වා පැවැත්වෙන මෙම වැඩමුළුව සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා විසින් පුරා සති හතක් අඛණ්ඩව නියමිත වේලාවට ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
2019/2020 අධ්‍යයන වර්ෂයේ ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රවේදී ගෞරව පාඨමාලාවල සිසුන් සඳහා නියමිත පළමු සමාසිකයේ අඛණ්ඩ ඇගයීම් වලට ද මෙය වලංගු වේ. එයට ලකුණු ප්‍රමාණයක් ද හිමි වේ. මීට අමතරව බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ සහ බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ට ද සහභාගී වීමට අවස්ථාව ලැබේ.
විශේෂ සහභාගිත්ව සඳහා අවස්ථාව පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය අමිල කලුආරච්චි මහතා මගින් ලබාගත හැකිය.
විමසීම් - 071 8134557