UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා - 2024

February 21, 2024.
“පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා”‍ යන තේමාව යටතේ ‌පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සේවාර්ජිත ආචාර්යවරුන් ඇගයීමේ උපහාර උළෙල හා ඊට සමගාමීව “සාරදා 15 වෙළුම - පළමු හා දෙවන කලාප” මෙන් ම “විභාවී පාලි සගරාව - දෙවන කලාපය” දොරට වැඩීමත්, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨයේ කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති නාහිමි අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී 2024-02-21 දින උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

පාලි හා බෞද්ධ අධ්‍යයන විෂයක්ෂේත්‍රය ජාතික හා ‌ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීමට දායකත්‍වය ලබාදුන් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ සේවාර්ජිත විද්වත්හු මෙම අවස්ථාවේදී සම්භාවනාවට පාත්‍ර වූහ.

මහාචාර්ය, අතිපූජ්‍ය. කුඹුරුගමුවේ වජිර නායක මාහිමිපාණන් වහන්සේ
දර්ශනපති, අතිපූජ්‍ය. පල්ලේගම සමිත මාහිමිපාණන් වහන්සේ
මහාචාර්ය, අතිපූජ්‍ය. දේවාලේගම මේධානන්ද මහාහිමිපාණන් වහන්සේ
‌මහාචාර්ය, අතිපූජ්‍ය කොල්ලු‍පිටියේ මහින්ද සංඝරක්ඛිත මාහිමිපාණන් වහන්සේ
මහාචාර්ය, වයි කරුණාදාස මැතිතුමා
මහාචාර්ය, ආනන්ද විජේරත්න මැතිතුමා
මහාචාර්ය, සුමනපාල ගල්මංගොඩ මැතිතුමා

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අතිපූජ්‍ය කොල්ලු‍පිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ප්‍රධාන මානවශාස්ත්‍ර පීඨාධිපති, ආචාර්ය සුදත් සෙනරත් මැතිතුමන්, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද හිමිපාණන් ඇතුළු ගිහි-පැවිදි ආචාර්ය මණ්ඩලයත්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයත්, විද්‍යාර්ථිහු ද සහභාගී වූහ.

මෙම උත්සවයේ අරමුණ පැහැදිලි කිරීම හා පිළිගැනීමේ කතාව සිදුකරන ලද්දේ ‌අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන් විසිනි. සේවාර්ජිත ආචාර්යවරුන් ඇගැයීමේ විශේෂ දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත ගරුසිංහ මහතා විසින් සිදුකරන ලදී. මෙහිදී විශේෂ ආරාධිතයන් සඳහා තිලිණ ප්‍රදානයක් මෙන් ම දිවාභෝජන සංග්‍රහයක් ද පැවැත්විණ.
Image
Image
Image
Image
Image
Image
Image
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies