>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

Inaugural Ceremony of the Diploma Course in Buddhist Psychology and Counseling - 2026

Department of Pali & Buddhist Studies
බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 08 වන කණ්ඩායම සඳහා සමාරම්භක උළෙල පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්‍වයෙන් සමාජීයවිද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී සම්භාවනීය අයුරින් 2026-01-18 දින උදෑසන 09.00 සිට පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා මානවශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මැතිතුමා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නාඔටුන්නේ විමලඤාණ ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ, පාඨමාලා සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙනියායේ පඤ්ඤාලොක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ, මහාචාර්ය රාජිත පුෂ්පකුමාර මැතිතුමා ඇතුළු විද්වතුන් සහ ඩිප්ලෝමා පාඨමාලාවට සඳහා සුදුසුකම් ලද සියයකට අධික විද්‍යාර්ථීන් ද සහභාගී විණි.

එදින මුඛ්‍ය දේශනය සිදුකරන ලද්දේ එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක, ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ උපදේශනය හා මනෝචිකිත්සක අධ්‍යයන අංශයේ හිටපු කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, විද්‍යාපති, පූජ්‍ය කඹුරාවල සිරි රේවත නාහිමිපාණන් වහන්සේ විසිනි.

පහත දැක්වෙන්නේ එම උත්සවයෙහි වැදගත් අවස්ථා කිහිපයකි.
Today37
Yesterday245
This week933
This month4074
Total255843

5
Online

Friday, 17 April 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies