>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන හා කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කැලණිය විශ්වවිද්‍යාලය 1875 වර්ෂයේ දී භික්‍ෂූ අධ්‍යාපනය සඳහා කේන්‍ද්‍රස්ථානයක් ව පැවති විද්‍යාලංකාර පිරිවෙන මුල්කොට ගෙන බිහිවූවකි. එය 1959 වර්ෂයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය තත්වයට පත් කරන ලදුව 1978 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන ලදී. එහි මානව ශාස්ත්‍ර පීඨයට අයත් පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, විසින් එදා මෙදා තුර අනුරාධපුර මහාවිහාරය මූලික කොටගත් බෞද්ධ අධ්‍යාපනය ආරක්‍ෂා කිරීම හා පෝෂණය කිරීම උදෙසා කරන ලද සේවාව අනල්ප වේ. කැලණිය විශ්වවිද්‍යාලයේ පැරණිම අධ්‍යයනාංශය වන පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය ශාස්ත්‍රීය දායකත්‍වය තුළින් මෙන්ම දේශීය විදේශීය උගතුන් දහස් ගණනක් බිහි කිරීමෙන් හා විදේශීය සබඳතා නිසා කීර්තිමත් තත්වයකට පත්ව ඇත.

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය කැලණිය විශ්වවිද්‍යාලයේ දැනට පැරණිම අධ්‍යයනාංශයක් වන අතර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි බෞද්ධ අධ්‍යයනය සම්බන්ධයෙන් කීර්තිමත් ම අධ්‍යයනාංශයක් බව කිව යුතුය. පාලි, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂය ධාරාවන් මූලික කොට ගත් තදනුබද්ධ ජ්‍යොතිෂය, උපදේශනය, කළමණාකරණය හා ආයුර්වේදය යනාදී පැතිකඩ ඔස්සේ ද ඩිප්ලෝමා, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති හා දර්ශන විශාරද උපාධිය දක්වා ම මෙහි හැදෑරීම් කටයුතු සිදුවෙමින් පවතී. දේශීය විදේශීය සිසුන් සඳහා සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම දේශන පැවැත්වෙන අතර බාහිර සිසුන් සඳහා ද පහසුකම් රාශියක් සැලසී ඇත. වාර්ෂිකව පාලි, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ දර්ශනය යන විෂය ධාරාවන්ගෙන් සිය ගණනක් බාහිර ශිෂ්‍යයන් විසින් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගනු ලබන අතර, ඩිප්ලෝමා හා එක් අවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවක් පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය හා අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය මගින් පවත්වා ගෙන යනු ලැබේ. මෙම අධ්‍යයනාංශය මගින් බාහිර සිසුන් සඳහා හඳුන්වා දෙනු ලබන නවතම පශ්චාත් උපාධි පාඨමාලාව වන්නේ මෙම දෑ අවුරුදු බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවයි.

Language

සිංහල

Studies and Length

30 / 60 Credits

Level

SLQF 9/10

Time & Location

1 or 2 Years | Sri Lanka

අරමුණ

බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පර්යේෂණාත්මක හැදෑරීම් කෙරෙහි අභිරුචියක් දක්වන විද්‍යාර්ථීන්ට සහාය වීමත්, මෙරට විශ්වවිද්‍යාලවලින් බිහි වන ශාස්ත්‍රවේදී උපාධිධාරීන් පර්යේෂණාත්මක අධ්‍යයන කෙරේ යොමු කිරීමත්, විවිධ තරාතිරමේ විද්‍යාර්ථීන්ගේ බුද්ධි ප්‍රසාරණය ඇති කිරීම හා බෞද්ධ අධ්‍යයන සම්බන්ධ දෑ අවුරුදු පශ්චාත් උපාධි පාඨමාලාවන්හි ඌනතාව මගහැරීමත් මෙහි අරමුණ වේ.

Notice Board

2025/27 අධ්‍යයන වර්ෂයට සිසුන් බඳවා ගැනීම අරඹා තිබේ. දැන්ම අයදුම් කරන්න....

පාඨමාලා ව්‍යුහය

පාඨමාලා ඒකකයේ නම
සංකේතාංකය
අධ්‍යයන සම්භාර ගණන
පාලි ත්‍රිපිටක ධර්ම අධ්‍යයනය
MABS 53015
05
බෞද්ධ මනෝ විද්‍යාව හා මනෝ උපදේශනය
MABS 53025
05
බුදුසමය හා සමාජ ගැටලු
MABS 53035
05
බුදුසමයේ ජාත්‍යන්තර ප්‍රවණතා
MABS 53045
05
බෞද්ධ සාහිත්‍ය විචාරය
MABS 53055
05
ර්යේෂණ ක්‍රමවේදය
MABS 53065
05
පර්යේෂණ නිබන්‍ධිකාව
MABS 6306W
30

Coordinators

Image

Ven. Ampare Ananda Thero

Senior Lecturer & Coordinator
Royal Pandit (OSS), B.A. (Kel'ya), M.A. (Kel'ya), M.Phil. (Kel'ya)
Department of Pali & Buddhist Studies
Faculty of Humanities 
University of Kelaniya
Sri Lanka.
Office : +94 112 903 731
Mobile : +94 714 453 006
Email : ampareananda@kln.ac.lk

Image

Ms.Tharini Sasmitha Sudusinghe

Course Assistant
Department of Pali & Buddhist Studies
Faculty of Humanities 
University of Kelaniya
Sri Lanka.
Mobile : +94 742 201 730
Email : mabs@kln.ac.lk
Today234
Yesterday272
This week234
This month1640
Total191582

1
Online

Monday, 06 October 2025
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies