ශාස්ත්‍රීය ප්‍රභාෂණය 2024

Research Symposium 2024

සිංහල භාෂා සාහිත්‍යය හා සංස්කෘති අධ්‍යයනයෙහි ලා විශ්ව සාහිත්‍යයෙහි ආභාසය


විශ්ව සාහිත්‍යය මගින් කාල දේශ මර්යාදා අතික්‍රමණය කර පෘථුලාර්ථයෙන් සමස්ත මානව ජීවිතයේ ඒකමිතිය නිරූපණය කෙරෙයි; කවර භූගෝලීය හෝ සංස්කෘතික කලාපයක් නියෝජනය කරමින් උද්භව වුව ද විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ මානව වංශයෙහි ජීවන ආඛ්‍යානයෙහි ඒක දේශයක් සුනිශිත ව චිත්‍රණය කරනු ලබන අතර එය සමස්ත මානව ජනකාය විසින් භුක්ති විඳිනු ලබන මාහැඟි සංස්කෘතික දායාදයක් ද වන්නේය. නානා ප්‍රකාර වෛචිත්‍ර්‍යය ලක්ෂණයන්ගෙන් උපේත නිර්මාණ සාහිත්‍ය පරිශීලනය විසින් අද්‍යතන මනුෂ්‍ය ප්‍රජාව අභිමුඛයෙහි පැන නැගී ඇති ජීවනාභියෝග හා අර්බුද නිරවද්‍ය ව සංජානනයෙහි ලා බුද්ධිමය හා භාවමය තීව්‍රතාවක් සම්ප්‍රදානය කෙරෙයි. එසේම සහෘදයා වෙත නිත්‍යයෙන් ම යථාර්ථ ඥානනය සඳහා අවකාශය පෘථුල කෙරෙයි. සිංහල භාෂාව ද එහි නිර්මාණාත්මක ප්‍රකාශනය වන සාහිත්‍යය හා තදන්‍ය ප්‍රාසංගික වාර්තික කලා, ශිල්පකලා මෙන් ම සකල විධ අස්පර්ශනීය සංස්කෘතිකාංගයන් ද ගෝලීය සම්පර්කය හේතුවෙන් විශ්ව සාහිත්‍යය වෙතින් ප්‍රභාන්විතව ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය. මෙම ශාස්ත්‍රීය ප්‍රභාෂණයෙහි ආධ්‍යාශය වන්නේ ශාස්ත්‍රීය පර්යේෂකයන්හට විශ්ව සාහිත්‍යය තදනුබද්ධ නන්විධ විෂය පථයන් කේන්ද්‍රීයව විෂයානුබද්ධ සාරගර්භ ගවේෂණයක නිරත වීමට ද, අනුපූර්ව ව අභිප්‍රේරණාත්මක සංකල්ප හා ආලෝචනාවන් හුවමාරු කරගනිමින් ගම්භීර කතිකාවක නියැළීමට ද අවකාශය සම්පාදනය කිරීමයි. විෂය ක්ෂේත්‍ර (සිංහල විෂය හා තදනුබද්ධ)

  • භාෂා අධ්‍යයන
  • චිරන්තන හා නූතන සාහිත්‍යය
  • සංස්කෘති හා ජනශ්‍රැති අධ්‍යයන
  • ප්‍රාසංගික හා වාර්තික කලා
  • පරිවර්තන ක්‍රම
  • සාහිත්‍ය විචාරය

The influence of world Literature on Sinhala Language Literature and Cultural Studies


World Literature is the essential unity of human beings and therefore of human creativity. It signifies the ever evolving edifice of the best and most authentic expression of human creativity fashioned by numerous hands, disseminate in to profuse parts of the world but still part of the world narrative of the human race. Reading myriad forms of literature allows us to develop more mature and nuanced perception of global issues and perspectives. Fundamentally reading literature opens new gateways allowing the connoisseurs to enter and delve into the new vistas and avenues of ideologies, narrative expressions and perceptions. Hence there is a rising urgency to instill global awareness into literature reading appreciation and affiliated research. The intention of this academic symposium is to open the portals for researchers to explore diverse subject areas associated with the world Literature and pave the way to an in-depth discussion and exchange inspiring ideas and insights.

  • Language studies
  • Ancient and Modern Sinhala literature
  • Cultural and folkloric studies
  • Performing and Recording arts
  • Literally translation
  • Literary criticism
©{2018} University of Kelaniya. All Rights Reserved. Designed Upul Jayantha Ranepura

Search