ශාස්ත්‍රීය ප්‍රභාෂණය 2024

Research Symposium 2024

සාරසංක්ෂේප ලබාගැනීම

පහත සඳහන් ආකෘතියට අනුව සාරසංක්ෂේපය සකස් කළ යුතු ය.

සාරසංක්ෂේප මාතෘකාව - (14 font size FMAbhaya/ Times New Roman, Center)


කර්තෘවරයාගේ හෝ කර්තෘවරුන්ගේ නම කර්තෘ1 කර්තෘ2 

(11 font size, Center)

අධ්‍යාපන ආයතනය හෝ විශ්වවිද්‍යාලය
(10 font size, Center)

විද්‍යුත් ලිපිනය

(Times New Roman, 10 font size, Center)

සාරසංක්ෂේපය : (12 font size, Bold)

සාරසංක්ෂේප අන්තර්ගතය : (12 font size)

සාරසංක්ෂේපයේ ව්‍යූහය- පර්යේෂණ පසුබිම, පර්යේෂණ අරමුණු, පර්යේෂණ ගැටලුව, පර්යේෂණ ක්‍රමවේදය හා පර්යේෂණ සොයාගැනීම් හෝ අපේක්ෂිත ප්‍රතිඵල යන කරුණු පහ අනුව පෙළගැස්විය යුතු ය.

තනි ඡේදයක් ලෙස ලිවිය යුතු ය.

සාරසංක්ෂේප විමර්ශකයින්ගේ උපදෙස් අනුව අවශ්‍ය සංශෝධන සිදු කළ යුතු අතර සාරසංක්ෂේපය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ නම් අදාළ සංශෝධන සහිත ව ඉංග්‍රීසි භාෂාවෙන් රචිත සාරසංකේෂපයක් එවීම ද අනිවාර්ය වේ.

සාරසංක්ෂේපය, වචන 300ට නොවැඩි තනි පිටුවක ලේඛනයක් විය යුතු ය.

ප්‍රමුඛ පද- : (12 font size, bold) අකාරාදි පිළිවෙළට යෙදිය යුතු ය. අවම වශයෙන් ප්‍රමුඛ පද 5ක් තිබිය යුතු ය.
සැලකිලිමත් විය යුතු කරුණුඃ 

සියලු සාරසංක්ෂේප පහත සඳහන් විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු ය. 

සියලුම සාරසංක්ෂේප පර්යේෂණ සම්භාෂණයේ තේමාවට අදාළ විය යුතු ය. 

සම්භාෂණයෙන් අනතුරු ව, සංවිධායක මණ්ඩලය වෙත සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකා බාර දිය යුතු අතර විමර්ශන කමිටු නිර්දේශ මත අනුමත පර්යේෂණ පත්‍රිකා සිංහල අධ්‍යයනාංශය මගින් ලබන වසරේ සංවිධානය කෙරෙන පර්යේෂණ සම්භාෂණයට සමගාමී ව ප්‍රකාශනයට පත් කෙරෙන ශාස්ත්‍රීය සංග්‍රහයට අන්තර්ගත කෙරේ. 

පර්යේෂණ සම්භාෂණයෙහි ප්‍රස්තුතීකරණ ඉදිරිපත් නොකරන පර්යේෂකයන්ගේ සාරසංක්ෂේප පළ කරනු නොලැබේ. 

ලියාපදිංචි ගාස්තුව: කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සඳහා රුපියල් 2000.00 ක් වන අතර අනෙකුත් අපේක්ෂකයන්ට රුපියල් 3000.00 ක් වේ.

  • සාරසංක්ෂේප භාරගන්නා අවසන් දිනය  2024-09-06
  • සාරසංක්ෂේප පිළිබඳ තීරණ දැනුම් දීම  2024-10-11
  • සංශෝධිත සාරසංක්ෂේප භාර ගැනීම 2024-11-08
  • ලියාපදිංචිය- 2024-11-15 සිට  2024-11-25 දක්වා
  • පර්යේෂණ සම්භාෂණ දිනය- 2025-01-30

විමසීම්

077 454 9918 
071 310 1107 
071 4980 280
©{2018} University of Kelaniya. All Rights Reserved. Designed Upul Jayantha Ranepura

Search