>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

Diploma in Buddhist Studies of the University of Kelaniya for the year 2022 will be begun on 14 th of March 2022 at 2.00 p.m. The inaugural session will be chaired by the Dean of the Faculty of Humanities, Dr. Sudath Senarath; and the Head of the Department of Pali and Buddhist Studies, Senior Professor Ven. Makuruppe Dhammananda Thero. This year 11 foreign students will be involved for the diploma course, and lectures will be conducted through Zoom platform. The keynote speech at the inaugural session will be delivered by Ven. Kamburawala Revatha Thero, The chief Sanghanayaka of United Kingdom, Former lecturer of the Department of psychology and counselling - University  of Glasgow, Counselor of Mindfulness-Based Cognitive Therapy.

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බෞද්ධ මනෝවිද්‍යාව විෂය ධාරාවට අදාළ ප්‍රායෝගික පුහුණුව පිළිබඳ වැඩමුළුව ඉකුත් සතියේ ආරම්භ කරන ලද අතර එහි දෙවන දිගහැරුම ලෙස බෞද්ධ උපදේශනයේ ප්‍රායෝගික පදනම යන මාතෘකාව යටතේ 2021. 10. 09. වන දින සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහත්මාණන්ගේ මෙහෙයවීමෙන් සන්ධ්‍යාවේ 07.00 - 09.00 දක්වා පුරා හෝරා දෙකක් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර තිබේ. ඒ සඳහා ඉහත දක්වා ඇති සියලු විද්‍යාර්ථීන්ගේ සහභාගිත්වය අනිවාර්ය වන අතර  මෙම විෂය පිළිබඳ සහ එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට මෙහි දක්වා ඇති සූම් (Zoom) සබැඳියාව හරහා මෙම වැඩමුළුවට සම්බන්ධ විය හැකිය.

 

 

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

කැලණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මගින් පවත්වාගෙන යනු ලබන බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සිවුවන කණ්ඩායමෙහි සමාරම්භක උළෙල අංශාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ උපදේශකත්වයෙන් සහ මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2021.10.03 වන දින පෙ.ව 09.00 ට ZOOM තාක්‍ෂණය ඔස්සේ පැවැත් වේ. 

 

 

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

කැලණිය විශ්වවිද්‍යාලයේ  පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශන පාඨමාලාවේ සමාරම්භක උළෙල 2021 - 10 - 03 වන දින උදෑසන 09.00 ට පැවැත්වේ.  බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන්ගේ මඟ පෙන්වීම මත මෙම පාඨමාලාව මෙවර ඉතා සුවිශේෂී මුහුණුවරකින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. එදින විශේෂ දේශනය සිදු කරනු ලබන්නේ එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක, ස්කොට්ලන්ත  බෞද්ධ විහාරාධිපති, ග්ලාස්කෝ විශ්වවිද්‍යාලයේ උපදේශනය හා මනෝ විකිත්සා අධ්‍යයනාංශයෙහි හිටපු කථිකාචාර්ය, ස්මෘති පාදක සංජානන චර්යා චිකිත්සාව පිළිබද උපදේශක (MBCT), රාජකීය පණ්ඩිත, විද්‍යාපති පූජ්‍ය කඹුරාවල රේවත නාහිමිපාණන් විසිනි. 

 

ස්තුතියි

පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය අමිල කලුආරච්චි

Previous Next

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය විෂය හදාරණ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව පිළිබඳ  අවබෝධය දියුණු කිරීම සඳහා අධ්‍යයනාංශය මගින් අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන්ගේ උපදෙස් මත විශේෂ වැඩමුළුවක් සංවිධානය කොට ඇත. 2021 - 10 - 02 දින ප.ව 7.00 - 9.00 දක්වා පැවැත්වෙන මෙම වැඩමුළුව සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා විසින් පුරා සති හතක් අඛණ්ඩව නියමිත වේලාවට  ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

 

2019/2020 අධ්‍යයන වර්ෂයේ ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රවේදී ග‌ෞරව පාඨමාලාවල සිසුන් සඳහා නියමිත පළමු සමාසිකයේ අඛණ්ඩ ඇගයීම් වලට ද මෙය වලංගු වේ. එයට ලකුණු ප්‍රමාණයක් ද හිමි වේ. මීට අමතරව බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ සහ බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ට ද සහභාගී වීමට අවස්ථාව ලැබේ. 

විශේෂ සහභාගිත්ව සහා අවස්ථාව පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය අමිල කලුආරච්චි මහතා මගින් ලබාගත හැකිය.

විමසීම් - 071 8134557

 

  

Today123
This month3695
Total146096

2
Online

Wednesday, 23 October 2024
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies