සති අන්ත පාඨමාලා සමාරම්භක උත්සවය
සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
POSTED ON, 06 APRIL 2021
කැලණිය විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර පීඨයෙහි සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යන අංශය මගින් පවත්වනු ලබන වාස්තුවිද්‍යා සහතිකපත්‍ර - කණ්ඩායම් අංක 06, ජෝතිර්විද්‍යා සහතිකපත්‍ර - කණ්ඩායම් අංක 07, යෝග දර්ශනය සහතිකපත්‍ර - කණ්ඩායම් අංක 05, සංස්කෘත භාෂා ඩිප්ලෝමා පාඨමාලා - කණ්ඩායම් අංක 02 යන සති අන්ත පාඨමාලා  ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය 2021-03-21 දින  කැලණිය විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර පීඨ ශ්‍රවණාගාරයේ දී මානවශාස්ත්‍ර පීඨාධිපති ජේෂ්ඨ කථිකාචාර්ය සුදත් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය කේ.බී. ජයවර්ධන මහතා සහ අධ්‍යන අංශයේ ආචාර්ය මණ්ඩල සහභාගි වූ  මෙම සමාරම්භක උත්සව සභාවෙහි ජේෂ්ඨ මහාචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ  ධම්මරතන හිමි සහ පරිසරවේදී තිලක් කන්දේගම මහතා විශේෂ දේශන පැවැත්වුහ.
©2024 University of Kelaniya - Sri Lanka. All Rights Reserved. Designed By Faculty of Humanities

Search