කැලණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනයක් වන වියසිදුරු වෘතාන්ත චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවක් නියෝජනය කරමින් සම්මාන රැසක් දිනාගෙන ඇත.
Paris International Film Awards (France) - Best Director Feature Film
Calcutta International Cult Film Festival - Best Postmodern Film
Golden Sparrow International Film Festival - Best Debut Filmmaker (Special Jury Award)
World Film Carnival - Singapore - Best Postmodern Film
Port Blair International Film Festival - Best International Feature Film
ලංකාවේ විශ්වවිද්‍යාලයක් දිගු වෘතාන්ත චිත්‍රපටයක් නිෂ්පාදනය කළ පළමු අවස්ථාව මෙය වන අතර එය කැලණිය විශ්වවිද්‍යාලයේ Centre for Brand Image Development (CBID) ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය විය.
ලලිත කලා අධ්‍යන අංශයේ කථිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩි මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදුකර ඇති අතර එය සිනමා හා රූපවහිනී ඩිප්ලෝමා පාඨමලාවේ පළමු කණ්ඩායමේ නිර්මාණ වෑයමකි. කලණ ගුණසේකර, ශලනි තාරකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිඳු දොඩන්තැන්න, ධර්මප්‍රිය ඩයස් ඇතුළු ප්‍රවීන ශිල්පින් වියසිදුරු චිත්‍රපටයට රංගන දායකත්වය සපයා ඇත. එහි සංගීත අධ්‍යක්ෂණය ලලිත කලා අධ්‍යන අංශයේ කථිකාචාර්ය මිලින්ද තෙන්නකෝන් විසින් සිදුකර ඇති අතර සිනමාරූපණය සුසන්ත මහගල්ගමුව විසිනි.
වියසිදුරු චිත්‍රපටය මේ වන විට කැලිෆෝනියාවේ පැවැත්වෙන Vanilla Palm Film Festival & International Art Competition, ස්වීඩනයේ පැවැත්වෙන Luleå International Film Festival, භූතානයේ පැවැත්වෙන Druk International Film Festival සහ ඉන්දියාවේ පැවැත්වෙන Tagore International Film Festival යන අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල අවසන් වට නියෝජනය කරමින් සිටියි.
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |